දරා ගත නොහැකි
බරින් සඳ එළිය වළාකුල් ලය විනිවිද නිසල් විල් දිය මත අහස ඇන්දාය. කලුවරට පෙම්
බැඳි රාත්‍රිය, සිය දැහැනින්
මුදවා ලවා බිය මුසු සැකයකින් පුරවාලන්න ඒම ප්‍රමාණවත් විය. සුවඳකින් තොරව ඉඳ හිටක
හමනා නල රල සුසුමකට සැබැවින්ම පාරිසිදු වූවත් ගෙන ආවේ සීතලක්
මිස සිසිලසක්
නම් නොවේ.
“මං ආසයි ඔයාට
ළං වෙන්න...”
“මාත් ආසයි..”
“ඇත්තටමද..?
“
කල්පනා බරිත
ඇගේ දිගු සුසුමක අවසාන නිමේශයේදී ද්වනිත වූ "හ්ම්ම්.." හඬ, ඔහුගේ සිතිවිලි විල කළඹවාලන්න
සමත් වූ
සෙයකි. හැඟුම් මෝදු ලනා ඔහුගේ නෙතු බැල්ම එබව මැනැවින් පසක් කරනු ඇත.
“ඒත් ඇයි.,
ඇයි මං ඔයාට ළං වෙද්දි ඔයා ඈත් වෙන්නේ..? “
ඇයි මං ඔයාට ළං වෙද්දි ඔයා ඈත් වෙන්නේ..? “
“මං ආසයි ඔයා
ළඟ ඉන්න..” ඇගේ
පිළිවදනින් අනතුරු පැමිණියේ නිහඬ විරාමයකි. නමුත් ඒ ඉතා කෙටි වූවකි. විරාමයට විරාමයක් එක් කරමින් ඈ,
“ඒත් ඇලෙන්න නම් නෙමෙයි..” යැයි පැවසුවාය.
“ඒත් ඇලෙන්න නම් නෙමෙයි..” යැයි පැවසුවාය.
“ඇයි ඔයාට මාව
අප්‍රියයිද...”
“නැහැ..”
“එහෙම නම්
එහෙම නම් ඇයි.,
මං ඇලෙනවට ඔයා බයද..? “
එහෙම නම් ඇයි.,
මං ඇලෙනවට ඔයා බයද..? “
ඇවෙත
ඔහු හෙලූ එම පැනයේ
අවසාන භාගය ජනිත වූයේ බෙහෙවින්ම අවිනිස්චිත ස්වරයකිනි. ඒ ලැබෙන්නා වූ පිළිතුරකට
බියෙන් නැගූවක් සේ විය. කොටින්ම අවසන් භාගයේදී එය නෑසුවා නම් හොඳය යන හැඟීමක් ඔහු
කෙරේ බලපැවැත්වූවාක් මෙනි.
“ඔවු..”
“ඒ කියන්නේ
ඔයාට මාව විශ්වාස නෑ..”
“මට ඔයාව
විශ්වාසයි..”
“ඉතිං., එහෙම නම් ඇයි මේ..? “
“මට විශ්වාස නෑ…............................................................................................................................................
…………………………………………………………………………………………………………………………………………………………………..……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….

.....මාව”
විශ්වාසයද
අවිශ්වාසයද අවසරයද සුණු විසුණු කළ ඉකි බිඳුම් ස්වරයක්ව උපං එහි අවසාන වදනින් හෙතෙම
ඇගේ හිස සිය පයෝධර මතට ගත්තේ මිටින් හල සියතකුන් අහසෙහි පියාපත් පිසලන්නට දරන
නිසඟ තදියමකටත්, තැති ගැන්මකටත්
නොදෙවෙනිවය.
දිගු
නිහැඬියාව සිය සිතිවිලි ලෝකයන් වෙත ඔවුන් හැරලවන්නට මං කීය. එම සිතිවිලි දැහැන
බිඳ ගන්නට ඔවුන් දෙදෙනාම අකමැති සෙයකි. එකෙකුගේ සිතිවිලි ලෝකය තුළ අනෙකාගේ
සිතිවිලි ලෝකය උපකුලකයක් යැයිද,
කුලකයේ ඒ
පමණක්ම ඇත්තේ යැයිද සිතනා සෙයකි. නමුදු ඔවුන් වෙන වෙනම සිතුවෝය. එකම කරුණක් මත
එකිනෙකාට ස්වායක්තව සිතිවිලි උපැද්දුවෝය. නමුත් එකී ස්වායක්ත බව විශ්වාස නොකළ
සෙයකිනි ඔවුන් එකිනෙකාගේ ග්‍රහණය දැඩි කර ගත්තේ.
සඳ එළියට
විරාමයක් නැත. අලසව ඇදී යන වළා වියන මොහොතකට මග හැරි සඳ කැන් පොදක් ඇගේ කොපුල් මත
සිත්තම් විය. නමුදු ඒ මොහොතකට පමණි. නැමී ගත් හිසින් යුතුව ඔහු ඇගේ කොපුල් මත සිය
මුව ස්පර්සූයේ ඔහුට උණුහුම්
වන්නටද., ඇයව උණුහුම් කරන්නටද., යන්න අපැහැදිලි නමුත්
ඒ හැසිරීම එබවක් පිළිබිඹු කළේය.
“අද හඳ එළිය
හරිම ලස්සනයි..”
“ඔයාට පේනවද හඳ
එළිය...
කෝ.. මට පේන්නේ නෑනේ..
කියන්නකෝ., හඳ එළිය මොන පාටද..? “ ඇගේ එම කීම ඔහු එසේය ප්‍රශ්නයට නැගූවේ.
කෝ.. මට පේන්නේ නෑනේ..
කියන්නකෝ., හඳ එළිය මොන පාටද..? “ ඇගේ එම කීම ඔහු එසේය ප්‍රශ්නයට නැගූවේ.
“දැං නම් මට හඳ
එළිය පේන්නේ ඔයාගේ පාටින්..
මොකද හඳ එළියෙන් මට පේන්නේ ඔයාවනේ..”
මොකද හඳ එළියෙන් මට පේන්නේ ඔයාවනේ..”
“මං ආසයි ඔයා
හිතන විදිහට..”
“ඔයා කොහොමද මං
හිතන විදිහ දන්නේ..? “
“ඔයා කියන්නේ
හිතන දේවල් නෙමේ ද..? “
“මං කියන දේවල්
ඔයා හිතනවා නේද...”
“ඔයාට තිබ්බේ
කවි ලියන්න..”
“කවි ලියන්න මං
බයයි..
මං ලියන කවි කවුරු කියවයිද කියලා මට බයයි..”
මං ලියන කවි කවුරු කියවයිද කියලා මට බයයි..”
“ඒ කවි මං
කියෙව්වොත්..? “
“ඒත් හරියන්නේ
නෑ..
කවි ලියනවා නම්., ඒ කියවන්න බැරි වෙන්න..”
කවි ලියනවා නම්., ඒ කියවන්න බැරි වෙන්න..”
ඔහුගේ
උණුහුම් ග්‍රහණයෙන්
මිදුණු ඈ වල් තණ වැවී ගිය පිනි
බරිත පොළොව මත දිගා
වෙමින් පැවසුවාය.
ඊට අනුරූපව ඇල වුණු ඔහු, වැලමිටට බර වූ මුහුණ ඇගේ මුවට ළං කර.,
“එහෙම කවි ලියන්න මටත් කියලා දෙනවාද..? “ යි ඇසුවේ ඇගේ සිහින් අඩවන් නයන මතම සිය දසුන් රඳවමිනි.
ඊට අනුරූපව ඇල වුණු ඔහු, වැලමිටට බර වූ මුහුණ ඇගේ මුවට ළං කර.,
“එහෙම කවි ලියන්න මටත් කියලා දෙනවාද..? “ යි ඇසුවේ ඇගේ සිහින් අඩවන් නයන මතම සිය දසුන් රඳවමිනි.
“හ්ම්ම්..
අපි කවි ලියමු., අහසේ..
ඔයා කවි ලියන්න වළාකුලු අස්සේ..
මං කවි ලියන්නම් හඳ එළියේ..”
අපි කවි ලියමු., අහසේ..
ඔයා කවි ලියන්න වළාකුලු අස්සේ..
මං කවි ලියන්නම් හඳ එළියේ..”
“ම්ම්.. ඇයි
අපි වෙන වෙනම කවි ලියන්නේ..”
“වළාකුලු අස්සේ
ඔයා ලියන කවි දවසක වැස්ස කියවයි.. එතකොට මටත්
පුලුවන් දැනගන්න ඒ වැස්සට තෙමිලා., මොනවද ඔයා
ලිවුවේ කියලා..”
“වැස්සට තෙමෙන
හැමෝම ඒ කවි කියවයිනේ..
මමත් ආස නෑ මගේ කවි වෙන අය කියවනවට..”
මමත් ආස නෑ මගේ කවි වෙන අය කියවනවට..”
“තෙමෙන හැමෝම ඒ
කවි කියවයි තමයි., ඒත් කවුද
දන්නේ ඒ කවි ලිවුවේ කවුද කියලා..
එතකොට මට පුලුවන් කවුරුවත්ම දන්නේ නැති රහසක් මං දන්න නිසා., හිනා වෙවී තෙමෙන්න.. තෙමි තෙමී හිනාවෙන්න...
මං කෑ ගහලා කියනවා., මේ කවි වල අයිති කාරයා දන්නේ මං විතරයි., මං විතරමයි කියලා...”
සියුම් සුරතල් හසක් මුසු මුවින් යුතුව ඈ පැවසුවාය.

“ඔයා කෑ ගහලා
කියන්න., ඒ කවි කතා කරන්නෙත්
ඔයාටයි කියලා.. ඔයාටයි ඒ කවියා ලිවුවේ කියලා...
ඉතිං කියන්නකෝ., මං කොහොමද කියවන්නේ කියලා ඔයා ලියන කවි..? “
ඉතිං කියන්නකෝ., මං කොහොමද කියවන්නේ කියලා ඔයා ලියන කවි..? “
“මං කවි
ලියන්නේ හඳ එළියේ..”
“මට පේන්නේ
නෑනේ හඳ එළිය..
ඉතිං කොහොමද මං කියවන්නේ...”
ඉතිං කොහොමද මං කියවන්නේ...”
“ඔයාට පේන්නේ
නැති තාක්., හැම රෑම හඳ
එළියේ මං කවි ලියාවි..
ඔයා ලියපු කවි බර වෙලා., කවි පාට වළාකුලු වලින් හඳ එළිය වහන් කරන් නැති හැම රෑම මං හඳ එළියේ කවි ලියාවි...”
_____________________________________________________________~මොසෝ
ඔයා ලියපු කවි බර වෙලා., කවි පාට වළාකුලු වලින් හඳ එළිය වහන් කරන් නැති හැම රෑම මං හඳ එළියේ කවි ලියාවි...”
_____________________________________________________________~මොසෝ
No comments:
Post a Comment