කාෂ්ඨ අවුවේ
සැර නම් දෑස් පියවෙන තරම්_ ඒත් හදවත
අස්සෙ ගල් වෙච්ච සිතිවිල්ලක් වත් උණු කර ගන්න බෑ.. අඩු තරමෙ එහෙම උණු වෙච්ච
සිතිවිල්ලකට කඳුලක් වෙලා වත් ඇස් වල තැවරෙන්න තිබ්බා., හීතලට.
සිතිවිලි ගල්
වෙලාද, හදවත ගල් වෙලාද මන්
දන් නෑ., ඔය දෙකෙන් කෝක උනත්
උණු වෙන්න නම්, ජීවිතේ හීතල කාළෙ
එන්නම ඕන කියල තමයි මට හිතෙන්නෙ_
විද්‍යාවෙ
කොහොම වෙතත්..
හීතලක අත්ල පටල ගත්තත් ඇති, කෙල්ලො කොල්ලොන්ගෙ ඇස් නිකන් වික්ටෝරියාවෙ වාං ඇරිය වගේ වෙන්න_ ඉතිං, පෙම් කරන්න නුවරඑළියෙ සවාරි යන එක අහන්නත් දෙයක් ද..
ප්‍රේමය චිත්‍රයක් නම්, ඒ පසුතලය වෙන්නෙ හීතලද මන්දා.. ආදරයෙ සංඛේතයක් වෙන්න උනත් රතු රෝස මලකට නිකන්ම බෑ., අඩුම පිනි බිංදු දෙක තුනක් වත් ඉහිල තියෙන්න ඕන.. කොටින්ම ඇස් වලට හීතල ගතිය දැනෙන්න ඕන.. හදවත හීතලෙන් මිරිකිලා., ගතේ හිරි ගඩු පිපෙන තරමට හිතිවිලි මැවෙන්න ඕන.. ලය පුරා වැළඳ ආදරයේ උණුහුම විඳින්න පුලුවන්ද, කාෂ්ඨ කර්කෂ ලෝකයක...
හීතල වටපිටාව, ආදරයට උත්පේරකයක්.. ආදරේ පත්තු කරන හීතලට ළං වෙන්න මධුසමය උනත් නුවරඑළියට, ස්විස්ට(ර්)ලන්තයට, නවසීලන්තයට බර වෙන්න බලනව. කාසිය භාගෙ හොරයි නම්, අඩු තරමෙ කන්දක් උඩක වත් හීතලක් හොයා ගන්න බැරි වෙන්නෙ නෑ..
ඉස්සර අනුරාධපුරේ පැත්තත් නුවරඑළිය වගේද කියල හිතෙන්නෙ, ඉසුරුමුණියෙ පෙම් යුවල දැක්කාම. ඒ සා බේරෙන ආදරයක් දරන්න තරම් තිසා වැවු ඉස්මත්ත සංවේදී මදිද මන්දා..
එදා ඉසුරුමුණියෙ ගල් වෙච්චි හදවත් වල දැවටිච්ච සුසුම් වැදිල, මහා කලු ගල් උණු වෙන්න ඇති.. ගල් මත්තෙ රතු රෝස නොපිපුණාට කලු ගල් රෝස මල් වගේ සියුම් වෙන්න ඇති.. නැත්නම් ඔතන ඉන්න පුලුවන් යුවලකට විතරයි. පෙම් කරන්න තරම් හීතලක් නෑ එතන...

__________________________________________________________________~මොසෝ