මල් තරම් රලු නැතත්
ගල් තරම් සුමුදු නැතත්
ඇල් වතුර තරම් උණුයි
ඈ
කෝටියක් තරම් ගණන්
රුපියලක් අරං
මාරු කාසියක් පුරවන
ගෝනියක්ද
ඈ
කාළයක් දිගේ මනින්න
කෝදුවක් අරං
ස්වර සරක් කෙලින් අඳින්න
දිය පිටක්ද
ඈ
___________________________________~මොසෝ
No comments:
Post a Comment